Update: කපා දැමූ අතපය තැන් තැන්වලින් හමුවීම තවමත් අභිරහසක්

Wednesday, 18 March 2015 - 8:59

Update%3A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුව පිටුපස දියවන්නා ඔයේ තිබී අද (18) උදෑසන සොයාගත් වම් අත නොමැති පුද්ගල මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. දියවන්නා ඔයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි  මළ සිරුර හමුවුණේ. සොයාගත් මළ සිරුර  හඳුනාගත නොහැකි අන්දමට ඉදිමී විකෘති වී ඇති අතර එය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා  කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් පුද්ගල ශරීර කොටස් හමුවීමද තවමත් අභිරහසක්. දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළක තිබී කපා දැමූ පාද යුගලයක් හමුවූයේ පසුගිය 14 වැනිදායි. පසුව  වැලිකඩ - නාවල ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් වම් අතක් හමුවුණා. දෙමටගොඩ - කළු පාලම අසල කසල ගොඩක තිබී පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටසක් පොලීසිය  සොයාගත්තේ ඊයේ දිනයේදියි.

මෙලෙස හමුවූ මිනිස් අවයව ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා මේ වනවිට යොමුකර ඇති අතර එහිදී මේවායේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට හැකිවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.



Update : Wednesday, 18 March 2015 - 18.35
---------------------------------------------------
නාවල අත දියවාන්නාවේ සිරුරේ ද ?

පාර්ලිමේන්තුව පිටුපස දියවන්නාඔයේ තිබී වමත නොමැති පුද්ගල මළ සිරුරක් අද (18) උදෑසන පොලිසිය සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා මේ වනවිට මිරිහාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට යොදවා ඇති බවයි. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, පසුගියදා නාවල ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් වම් අතක් හමුවුණා.

එමෙන්ම, දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළක තිබී පාද යුගලයක් හමුවූයේ පසුගිය 14 වැනිදායි. ඊට අමතරව, දෙමටගොඩ - පාසල් මාවත කළුපාලම අසල කසල ගොඩක තිබී ඊයේ පිලිස්සුණු පුද්ගලයෙකුගේ කඳකොටස පමණක් සොයා ගෙන තිබෙනවා.

Update : Wednesday, 18 March 2015 - 12:58
---------------------------------------------------
දියවන්නාඔයේ මළ සිරුරක් පාවෙයි

පාර්ලිමේන්තුව පිටුපස දියවන්නාඔයේ මේ වන විට මළ සිරුරක් පාවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ඔහු කියා සිටියේ මේ වනවිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි. මිය ගොස් ඇති පුද්ගලයා පිරිමි ද ගැහැණු ද යන්න හඳුනා ගත නොහැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.