සිරමැදිරියක් තුළ සැකකරුවෙකු ගෙළ වැළලාගනී

Wednesday, 18 March 2015 - 12:23

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජා-ඇල පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. අදාළ සැකකරු ඊයේ (17) රාත්‍රියේ ජා-ඇල ඒකල පාර ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මත්කුඩු ළඟ තබා ගැනීම සහ ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුව, ජා - ඇල පොලිස් සිරමැදිරිය තුලදී අද අලූයම සිය කලිසම සිරකිරීමට භාවිතා කරන නූලක ආධාරයෙන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. සැකකරු ඒකල - විශාකා වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එක්දරු පියෙක්. ඔහුගේ බිරිඳ විදේශ ගතවී ඇති බව සඳහන්.