Update: කොටස් වෙළඳපලේ අයථා ගණුදෙනු සෙවීමට තේරීම් කාරක සභාවක්

Wednesday, 18 March 2015 - 15:28

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
2010 වසරෙන් පසු කොළඹ කොටස් වෙළඳපොලේ සිදුවු බව කියන අයථා ගණුදෙනු සෙවීමට    තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර, තමන්ට කතා කිරීමට අවස්ථාව ලබා නොදෙන බව හිටපු අග්‍රමාත්‍ය දි.මූ.ජයරත්න අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.  ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මැදිහත් වුණා. නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට අදහස් දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බවයි.

Update: 2015.03.18 1840
-----------------------------

2010 වසරෙන් පසු කොළඹ කොටස් වෙළඳපොලේ සිදුවු බව කියන අයථා ගණුදෙනු සෙවීමට    තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර, තමන්ට කතා කිරීමට අවස්ථාව ලබා නොදෙන බව හිටපු අග්‍රමාත්‍ය දි.මූ.ජයරත්න අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.  ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මැදිහත් වුණා. නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට අදහස් දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බවයි.2010 වසරෙන් පසු කොළඹ කොටස් වෙළඳපලේ සිදුවූ බව කියන අයථා ගණුදෙනු පිළිබඳව සෙවීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් පත් කෙරෙන  තේරීම් කාරක සභාවට අදාළ යෝජනාව  පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ඊයේ (17) භාරදුන්නා. පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සිදුවූ ඇතැම් ගණුදෙනු සම්බන්ධයෙන් විනිවිද භාවය සහ විශ්වසනීයත්වය පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙනුයි තේරීම් කාරක සභාව පත්කිරීමට තීරණය කර ඇත්තේ.