Update: අමාත්‍ය අර්ජුන රණතුංග අත්තනගල්ල ප්‍රධාන සංවිධායක ධූරයට

Wednesday, 18 March 2015 - 16:38

Update%3A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස වරාය, නාවික සහ ගුවන්  සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පත්කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අත්තනගල්ල ආසනයේ සංවිධායක ධුරය භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමන්ට ඇරයුම් කළ බවයි. බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මත පිහිටා ඉදිරියටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මීට පෙර අත්තනගල්ල ආසනයේ නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනයි.