වරාය නගරය ගැන අධිකරණය රජයේ තීරණය විමසයි

Wednesday, 18 March 2015 - 19:05

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් රජයේ තීරණය ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අද (18) නියෝග කළා. ඒ, ව්‍යාපෘතියේ සියලූ ගිවිසුම් බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ පෙත්සම සළකා බැලූ අවස්ථාවේදියි. අභියාචනාධිකරණයේ සභාපති විජිත් මළල්ගොඩ ඇතුලූ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි අද මෙම පෙත්සම විභාගයට ගැනුනේ.

පසුගිය රජය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා සී.එච්.ඊ.සී. හෙවත් කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම සමඟ ගිවිසුමකට එළැඹුණේ 2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදායී. කෙසේ වෙතත්, පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩලය වරාය නගරයේ ඉදිකිරීම් තාවකාලිකව නැවැත්වීමට තීරණය කළා. හෙක්ටයාර 233 ක් මුහුද ගොඩකර සාදන වරාය නගරයෙන් හෙක්ටයාර 125 ක් ශ්‍රී ලංකාවට අයත් වන අතර, ඉතිරිය අයත් වන්නේ චීනයටයි.



ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More