බණ්ඩාරවෙල - අඹදණ්ඬේගම පොළොව අභ්‍යන්තරයෙන් ගුහාවක් මතුවෙයි

Thursday, 19 March 2015 - 8:05

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+-+%E0%B6%85%E0%B6%B9%E0%B6%AF%E0%B6%AB%E0%B7%8A%E0%B6%AC%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බණ්ඩාරවෙල - අඹදණ්ඬේගම - ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයට අඩි 300 ක් යටින් ගුහාවක් පිහිටා ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස පවසනවා.

අඹදණ්ඬේගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක අඩි 30ක පමණ විශ්කම්භයක් සහිත කොටසක් අඩි 40ක් පමණ ගැඹුරට ගිලා බැසීමට ලක්වූයේ පසුගිය 15 වැනිදායි. පසුව ඒ පිළිබඳව සොයාබැලීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පියවර ගත්තා. එහිදී  පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් ස්ථරයේ කඩා වැටීමක් හේතුවෙන් මෙම ගිලාබැසීම සිදුවූ බවටද අනාවරණ වුණා. මේ හේතුව නිසා ඒ අවට මීටර් 500 ක පමණ දුරක ප්‍රදේශයට ජනතාව ඇතුල්වීම පවා තහනම් කිරීමට පොලීසිය පියවර ගත්තා. එමෙන්ම පවුල් 26කට අයත් පුද්ගලයින් 90 දෙනෙකු ද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, පරිසර සංවිධාන පෙන්වා දුන්නේ මෙම ගිලා බැසීම සහ උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ උමඟ අතර සම්බන්ධයක් පවතින බවයි.  කෙසේ වෙතත් අදාළ ප්‍රදේශය මූලික කරගනිමින් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.