Update : ජලය විස වීමකින් පාසල් ළමුන් 27ක් රෝහලේ

Thursday, 19 March 2015 - 10:42

Update+%3A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+27%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
ජලය විෂවීමෙන් රෝහල් ගතකෙරුණු යාපනය චුන්නාකම් මයිලන්කාඩු විද්‍යාලයේ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. යාපනය - චුන්නාකම් - මයිලන්කාඩු විද්‍යාලයේ සිසුන් විසි හත්දෙනෙකු තෙලිප්පලෙයි රෝහලට අද උදෑසන ඇතුළත් කෙරුණේ පාසලේ ජල ටැංකියෙන් ජලය පානය කිරීමෙන් අනතුරුවයි. ජල ටැංකිය අසල වස වර්ගයක් අඩංගු බෝතලයක්ද තිබී හමුවූ බව පොලීසිය සඳහන් කළා. මේ නිසා එම ජල ටැංකියෙන් ජලය පානය කළ සිසුන් මෙලෙස රෝහල් ගතකළ බව යාපනය මයිලන්කාඩු විද්‍යාලයේ උප විදුහල්පතිවරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.



Update : Thursday, 19 March 2015 - 12:38
------------------------------------
ජලය විෂවී යාපනයේ පාසලක සිසුන් 27 ක් රෝහලේ

ජලය විෂවීමෙන් යාපනය - චුන්නාකම් - මයිලන්කාඩු විද්‍යාලයේ සිසුන් විසිහත්දෙනෙකු තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (19) උදෑසන පාසලේ ජල ටැංකියෙන් වතුර පානය කිරීමෙන් අනතුරුව ළමයින් රෝගී වී  තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති බවයි. ජල ටැංකිය අසල තිබී වස බෝතලයක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා

වැඩි විස්තර බලාපොරොත්තුවන්න.