ලයිසන් නැති අලියෙක් අල්ලයි

Thursday, 19 March 2015 - 12:57

%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ව්‍යාජ බලපත්‍ර මත දඹුල්ල - කණ්ඩලම ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටියදී පොලිස් භාරයට ගත් අලි පැටවා මේ වනවිට සීගිරිය වනජිවි කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ නිවස අද (19* වැටලීමට ලක් කළා. එහිදී නිවසේ රඳවාගෙන සිටි මෙම අලි පැටවා සොයා ගත් බවයි දඹුල්ල පොලිසිය සඳහන් කළේ. පොලිස් නිලධාරීන් එම නිවසේ හිමිකරුගෙන් මෙම පැටවා රඳවාගැනීමට අදාළවන නීත්‍යානුකූල බලපත්‍රයක් ඇත්තේදැයි විමසා තිබෙනවා. එම අවස්ථාවේදී ඔහු ඊට අදාළ ලිපිලේඛන කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා මෙම අලි පැටවාට අදාළ නොවන බවයි එහිදී හෙළි වුණේ. ඒ අනුව, නිවෙස් හිමිකරු ද දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ බලපත්‍ර මත වන අලින් ළඟ තබාගැනීමේ චෝදනාවට දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට විකුණන ලද වන අලියෙකු සම්බන්ධයෙන් තොරතුරු ඔහු ඉදිරිපත් කළ ලේඛනවල සඳහන්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

කණ්ඩලම ප්‍රදේශයෙන් අද (19) සොයා ගත් මෙම අලි පැටවාගේ වයස අවුරුදු  7 ක්. සීගිරිය ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට පෙන්වීම සඳහා මෙම අලි පැටවා යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද සොයා ගත් අලි පැටවා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි.





තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More