Update: තමා ගැන සානුකම්පිතව බලන්නැයි තිස්ස කියයි

Thursday, 19 March 2015 - 15:58

Update%3A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගනු ලැබුවා. ලබන 24 සහ 25 දිනවලදී විත්ති පාර්ශවයට මූලික විරෝධතා දැක්වීමටත්, 26 සහ 27 යන දිනවලදී අදාළ කරුණු විභාග කිරීමටත් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. එහිදී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම අභියාචනය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට තීරණය කළ නිසා බවයි. කිසිදු සානුකම්පිත භාවයකින් කටයුතු නොකිරීම ගැන තමන් කණගාටු වන බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Update: Thursday, 19 March 2015 - 06:53 PM
.........................................................
තිස්සගේ පෙත්සම විභාගයට ගැනීම ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගනු ලැබුවා. ලබන 24 සහ 25 දිනවලදී විත්ති පාර්ශවයට මූලික විරෝධතා දැක්වීමටත්, 26 සහ 27 යන දිනවලදී අදාළ කරුණු විභාග කිරීමටත් අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද දිනයේ නඩු විභාගයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.