හිරේට ගිය මහින්දගෙන් ඉල්ලීමක්

Thursday, 19 March 2015 - 18:44

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම් සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දැනට රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ සුවදුක් විමසීම සඳහා මහර බන්ධනාගාරය වෙත අද (19) උදෑසන පැමිණි අවස්ථාවේදීයි.

සරණ ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් පළිගැනීමේ ප්‍රතිපත්තියක් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ඒ හේතුවෙන් එම සිද්ධීන් පිළිබඳව සාධාරණත්වය ඉටු කරන ලෙසයි හිටපු ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.