සුපිරි ගණන් වලට යන සුපිරි පාකිස්ථානු සුරූපිණියන්

Thursday, 19 March 2015 - 19:32

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ඉහළ පෙළේ දෙස් විදෙස්  ව්‍යාපාරිකයන් සඳහා පාකිස්ථානු ගණිකාවන් අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් වැටලීමට ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය සමත් වුණා.

මෙරට තරු පන්තියේ හෝටල් තුළ දී සුරූපී පාකිස්ථානු තරුණියන් ඉහළ මිල ගණන් යටතේ ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට  ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට තොරතුරු ලැබී තිබුණා.

මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවු ඔවුන්  මෙම ජාවාරම කොටු කර ගැනීමට සැලසුමක් සකස් කළා.
මාලදිවයිනේ සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු ලෙස පාකිස්ථානු තරුණියන් අලෙවි කරනා තැරැව්කරුට මෙලෙස දුරකතන ඇමතුමක් ලබා දුන්නේ එම සැලැස්ම අනුවයි.