19 වැනි සංශෝධනය ඕනෑ

Friday, 20 March 2015 - 8:14

19+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%95%E0%B6%B1%E0%B7%91
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන පක්ෂ මෙන්ම විද්වතුන් ඇතුළු විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරනවා. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කියා සිටියේ යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.

කෙසේ වෙතත්, ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ ජනපති විධායක බලතල අඩු කිරීමට විපක්ෂය එරෙහි වීම පිළිගත නොහැකි කරුණක් බවයි.  

එම මාධ්‍ය හමුවට එක්වු පුරවැසි බලය සංවිධානයේ ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ අදහස් පළ කළේ ශ්‍රී ලංකාව වැනි රටකදී විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ වඳුරට දැලි පිහිය හසුවුණා වගේ වැඩක් නිසා ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ ප්‍රවීන ලේඛක ජයතිලක කම්මැල්ලවීර කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ලැබී ඇති හොඳම අවස්ථාව මෙය බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අවුරුදු 37 කින් පසුව විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි. රට තුළ ගොඩනැගී ඇති තත්ත්වයන් සමඟ මහමැතිවරණයෙන් පසු පත්වන පාර්ලිමේන්තුව කුමන බලතුලනයක් ඇති පාර්ලිමේන්තුවක් ද කියා කිසිවෙකුට විශ්වාස කළ නොහැකි බවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More