තවත් 3 දෙනෙක් කොටු

Friday, 20 March 2015 - 9:12

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
හෙරොයින් ළග තබා ගත් පුද්ගලයින් 3 දෙනෙකු කොළඹ - මෝදර, පිටකොටුව, සහ මාලිගාවත්ත යන ප්‍රදේශවලින් පොලිසිය ඊයේ (19) අත්අඩංගුවට ගත්තා. ඒ අනුව, හෙරොයින් ග්‍රෑම් 15 ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු මෝදර - සමන්පුර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් ග්‍රෑම් 5 ක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේදී මාලිගාවත්ත බෝධි රාජමාවතේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව හෙරොයින් ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් ළග තබාගත් තවත් පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ පිටුකොටුව - කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.