ඇමති රාජිතගේ පවුලටම නොතීසි

Friday, 20 March 2015 - 10:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (20) නොතීසි නිකුත් කෙරුණා. මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය නියෝග කළේ මොවුන්ට ලබන මස 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසටයි. අමාත්‍ය රාජිත සේනාරත්නගේ බාල පුත් එක්සත් සේනාරත්න පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දැරියක පැහැර ගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට ඇයගේ දෙමාපියන් අද කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකළා. ඇමති රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න, පුතුන් දෙදෙනා වන එක්සත් සේනාරත්න සහ චතුර සේනාරත්න,  ඕෂල හේරත්, කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා, එහි පොලිස් ඒකකය භාර ස්ථානාධිපතිවරයා, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් කර තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස 24 වැනිදා ඇමති රාජිත සේනාරත්නගේ දෙවැනි පුත් එක්සත් සේනාරත්න, පොල්හේන්ගොඩ, ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචි දිනිති ආලෝක රණසිංහ නමැති තම දියණිය පැහැර ගෙන ගොස් ඇති බවට දෙමාපියන් චෝදනා කළා. ඒ පසුගිය 15 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින්. මෙම පැහැර ගැනීම සිදුවන විට ඇයගේ වයස අවුරුදු 16ක් බවයි දෙමාපියන් මෙහිදී ප්‍රකාශ කළේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More