තැන තැන කපා තිබු සිරුරේ කොටස් ගෙනාවේ කවුද ?

Friday, 20 March 2015 - 14:19

%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් මිනිස් සිරුරු කොටස් හමුවීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සී.සී.ටී.වී කැමරා දර්ශන පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ කොළඹ නගරයේ ස්ථානවලින් මෙම සිරුරු කොටස් හමුවූ නිසා ඒ අවට නිවෙස්වල හෝ ආයතනවල පිහිටි සී.සී.ටී.වී කැමරාවල සාක්ෂි සටහන්ව තිබිය හැකි බවයි.

පසුගිය දින කිහිපය තුළදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් පුද්ගල ශරීර කොටස් හමුවීමද තවමත් අභිරහසක්. වම් අත නොමැති පුද්ගල මළ සිරුරක් දියවන්නා ඔයේ තිබී සොයාගත්තේ පෙරේදා උදෑසනයි. මීට අමතරව දෙමටගොඩ, සිරිධම්ම මාවත් ඇලක තිබී කපා දැමූ පාද යුගලක් පසුගිය 14 වැනිදා හමුවුණා. එමෙන්ම වැලිකඩ - නාවල ප්‍රදේශයේ ඇලක තිබී  මිනිස් වම් අතක් හමුවූ අතර, දෙමටගොඩ - කළු පාලම අසල තිබී පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටසක් මීට දින දෙකකට පෙර පොලිසිය සොයාගනු ලැබුවා.

මීට අමතරව, මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න සහ සොයා ගත් සිරුරු කොටස් අතර කිසියම් සබඳතාවක් තිබේද යන්න අනාවරණය කරගැනීම සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණයක්ද පැවැත්වෙනවා.

මෙම සිද්ධීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට තීරණය කළා. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

 


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More