මහින්ද යළි රිමාන්ඞ්

Friday, 20 March 2015 - 14:58

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම ලබන මස 2 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (20) නියෝග කළා. සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී කොළඹ මූල්‍ය වංචා විමර්ශන අංශය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සංගමය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි. සැකකරු වංචනික ලෙස ලබා ගත් බවට පැවසෙන මුදල් පොදු දේපළ පනතට ගැනෙන මුදල් ද යන්න පිළිබද නීතිපති උපදෙස් ඉල්ලා ඇතත් තවමත් එම උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ මහ නගර සභාව අධිකරණය හමුවේ කියා සිටියේ. මේ සම්බන්ධයෙන් විගනකාධිපතිවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙසට විනිසුරුවරයා කොළඹ මහනගර සභාවට අද නියෝගයක් ද නිකුත් කළා.


විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More

පූජිත් සහ හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට
Wednesday, 08 July 2020 - 11:57

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි... Read More

යාපනයට කඩ වැදුණු දිවියෙකු එළුවන් නවදෙනෙකුගේ දිවි අහිමි කරයි
Wednesday, 08 July 2020 - 11:56

එළු පට්ටියකට පැමිණි දිවියෙකු එළුවන් නවදෙනෙකු මරා දැමීමේ... Read More