ජාතික ගීය දෙමළ බසින් ගැයීම ගැන විවිධ මත

Friday, 20 March 2015 - 18:43

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%B8%E0%B6%AD
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ යළිත් වරක් කතාබහක් මතුව තිබෙනවා. අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී කියා සිටියේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ව්‍යවස්ථානුකූල නොවන බවයි. එහෙත් යාපනය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් පැවසුවේ ජාතික ගීය පිළිබඳ දෙමළ පරිවර්තනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද සහතික කර ඇති බවයි.

බොදුබල සේනා සංවිධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා.                   

මේ අතර, පාර්ලිමේන්තුවේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊට දැඩි විරෝධය පළ කළ අතර, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඔහුට එරෙහි වුණා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා අවධාරණය කළේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමේ තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම එකඟතාවය පළ කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් පෞද්ගලිකව ඊට එරෙහිවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බවද ඔහු අවධාරණය කළා.