ජාතික ගීය මැතිසබයත් උණුසුම් කරයි

Saturday, 21 March 2015 - 8:18

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය රජයේ මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස, රජයේ ආදායමට වඩා ණය සහ පොලී වාරික ඉක්මවා ඇති බවට වන, සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක්, ඊයේ (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව ප්‍රකාශ කළා. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊට මැදිහත්වීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ඩිලාන් පෙරේරා ද සංවාදයට එක්වුණා. මෙහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සරත් වීරසේකර මන්ත්‍රීවරයාට එරෙහිව අදහස් දැක්වීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී මතයක නොසිටින බව සදහන් කළ ඔහු සරත් වීරසේකර වැනි මන්ත්‍රීවරුන්ට සුදුසු තැන බොදුබල සේනා වැනි සංවිධාන බව ප්‍රකාශ කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More