ෆොන්සේකාට විතරක් උසස්වීම් ඇයි? - බොදුබල සේනා

Saturday, 21 March 2015 - 9:02

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඞ් මාර්ෂල් තනතුර දක්වා උසස් කරන්නේ නම්, යුද සමයේ ක්‍රියාන්විතයට දායකත්වය දුන් නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ට ද ඊට සමාන තනතුරු ප්‍රදානය කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු දෙමින්.