Update : කොළඹ තර්ස්ටන් විදුහල්පතිට මාරුවක්

Saturday, 21 March 2015 - 10:58

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිමි නමකට පරුෂ වචනයෙන් බැන වැදීම පිළිබඳ චෝදනා එල්ල වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යාංශයට කැදවා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ පරීක්ෂණ අවසන් වන තුරු එම පියවර ගත් බවයි.

තර්ස්ටන් විද්‍යාලයේ බෞද්ධ ධර්මය පිළිබඳ අංශ ප්‍රධානී පූජ්‍ය මහකන්දේ විජිතසිරි හිමියන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පෙරේදා දිනයේදියි. ඒ, විදුහල්පතිවරයා තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බව පවසමින්. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය විජිතසිරි හිමියන් කොළඹ ජාතික රෝහළට ඇතුළත් වී ඇති බවයි. පාසලේ උදෑසන රැස්වීමේදී විද්‍යාලයේ විදුහල්පතිවරයා ගුරුවරුන්ට සිදුකළ ප්‍රසිද්ධ අවවාදයක් මීට හේතු වූ බවයි පූජ්‍ය විජිතසිරි හිමියන් සඳහන් කළේ.

Update : Saturday, 21 March 2015 - 13:32
------------------------------------------
තර්ස්ටන් විදුහල්පතිට එරෙහිව විනය පියවර

හිමි නමකට පරුෂ වචනයෙන් බැන වැදීම පිළිබඳ චෝදනා එල්ල වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යාංශයට කැදවා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ පරීක්ෂණ අවසන් වන තුරු එම පියවර ගත් බවයි.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/yyY7t1


සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්
Wednesday, 08 July 2020 - 12:25

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව... Read More

විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More