පුතුගේ පහරදීමෙන් නිවිතිගල පියෙකු මරුට

Saturday, 21 March 2015 - 11:10

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රත්නපුර - නිවිතිගල උඩ දෙල්වල ප්‍රදේශයේදී පුතු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් 55 හැවිරිදි පියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (20) රාත්‍රී 8ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි නිවිතිගල පොලීසිය ප්‍රකාශ කළේ. ඝාතනය සිදුකළ සැකකාර පුත්‍රයා 32 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු නිරන්තරයෙන් සිය බිරිඳ සහ දෙමව්පියන් සමඟ ආරවුල් ඇති කරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මීට ටික දිනකට පෙර සිය බිරිඳ සමඟ ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් මොහු නිවස අතහැර ගොස් සිටි බව සදහන්. ඊයේ දිනයේ ඔහු නැවත නිවසට පැමිණ ඇති අතර කිසියම් කරුණක් සම්බන්ධයෙන් සිය පියා සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන තිබෙනවා. එහිදී මෙම සැකකාර පුතා තම පියාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More