Update : සිසුවිය සියදිවි නසා ගැනීමට හේතුව හෙළිවේ

Saturday, 21 March 2015 - 12:08

Update+%3A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A

පොළොන්නරුව  - බකමූණ ප්‍රදේශයේ පාසල් සිසුවියක් සිය මවගේ අධි රුධිර පීඩන පෙති පානය කොට සියදිවි හානි කර ගැනීමට හේතුව දෙමව්පියන් සමග ඇති කර ගත් ආරවුලක් බව අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

18 හැවිරිදි වියේ පසුවන සිසුවිය ඊයේ (20)පාසල නිමවී නිවසට පැමිණ ඇත්තේ ඊයේ සවස 4 ට පමණයි. එහිදී දෙමව්පියන් සමග ඇති වූ කිසියම් බහින්බස් වීමකින් පසු සිසුවිය සිය මව අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන පෙති පානය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. පසුව සිසුවිය ප්‍රතිකාර සඳහා පොළොන්නරුව - අත්තනකඩවල රෝහලට ඇතුළත් කළ ද ඇය මියගියා.

 මියගිය සිසුවියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පොළොන්නරුව - අත්තනකඩවල රෝහලේදී පැවැත්වුණා. එහිදී අනාවරණ වී ඇත්තේ අධි රුධිර පීඩන පෙති විශේෂයක අධිමාත්‍රාවක් ශරීර ගතවීමෙන් මරණය සිදුවී ඇති බවටයි.

Update : Saturday, 21 March 2015 - 18:10
----------------------------------------------

රුධිර පීඩන පෙති පානය කර බකමූණේ පාසල් දැරියක මරුට

මවගේ රුධිර පීඩන පෙති පානය කිරීමෙන් පාසල් සිසුවියක් සිය දිවි හානි කර ගැනීමේ පුවතක් පොළොන්නරුව - බකමූණ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම සිසුවිය ඊයේ දිනයේ පාසල නිමවී නිවසට පැමිණ ඇත්තේ ඊයේ (20) දහවල් 12ට පමණයි. එම අවස්ථාව වන විට නිවසේ වැඩිහිටියන් කිසිවෙකු නිවසේ සිට නොමැති අතර දැරිය සිය මව අධි රුධිර පීඩන රෝග තත්ත්වය සඳහා පානය කරන පෙති පානය කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

18 හැවිරිදි වියේ පසුවන මෙම පාසල් ශිෂ්‍යාව සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිය දිවි හානි කර ගැනීමට හේතු වූ බවට අනුමාන කළ හැකි තොරතුරු කිහිපයක් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද බකමූණ පොලීසිය ප්‍රකාශ කළා. මිය ගිය පාසල් ශිෂ්‍යාවගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පොළොන්නරුව - අත්තනකඩවල රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.

මේ අතර, තලංගම - කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ බෝර 16යේ තුවක්කුවකින් ඊයේ (20) රාත්‍රියේ ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි. බිරිඳ සමඟ ඇති කර ගත් ආරවුලක් ඊට හේතු වී ඇති බව සදහන්. සිසිල් බීම කම්හලක කාර්මික ශිල්පියෙකු වන ඔහු බීමතින් මෙලෙස දිවි හානි කරගෙන ඇති අතර, ඔහු දිනපතා මත්පැන් පානය කරන නිවස ආලින්දයේ බංකුවක් අසළට ගොස් වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Update : Saturday, 21 March 2015 - 13:03
----------------------------------------------

පොළොන්නරුවේ පාසල් සිසුවියක් සිය දිවි හානි කර ගනී

අධික රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ විශේෂයක් පානය කිරීමෙන් පාසල් සිසුවියක් සිය දිවි හානි කර ගැනීමේ පුවතක් පොළොන්නරුව - අත්තනකඩවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (20) මෙම සිසුවිය සිය දිවි හානි කරගෙන ඇති බවයි බකමූණ පොලීසිය ප්‍රකාශ කළේ. සිසුවිය සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More