විධායක අගමැති ක්‍රමයක් අවශ්‍යයයි - හකීම්

Saturday, 21 March 2015 - 20:31

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
රටට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක අග්‍රාමාත්‍ය ධුරය කේන්ද්‍ර කර ගත් පාලන ක්‍රමයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුළු ජාතික දේශපාලන පක්ෂවලට වැදගත් වන්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් බවයි.