Update: අයිතිය වෙනස් කළ නොහැකියි - මහින්ද

Saturday, 21 March 2015 - 22:05

Update%3A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
තමාට ඇති වගකීම සහ අයිතිය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වාද්දුව - විවේකාරාම මහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ බොහෝ පිරිස් දේශපාලනය තුළ විධායක බලතල ගෙන කටයුතු කරන බවයි.

Update : Sunday, 22 March 2015 - 6.50 AM
-------------------------------------------------

අවංක මිනිසුන් හඳුනා ගනිමින් සිටිනවා - මහින්ද

අවංක මිනිසුන් කවුරුන්දැයි තමන් හඳුනා ගනිමින් සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. වාද්දුව - විවේකාරාම මහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ වචනයට සීමා වූ මිිනිසුන් කවුරුන්ද යන්න පිළිබඳවත් තමාට දැන් වැටහෙන බවයි. තවදුරටත් මිනිසුන් තේරුම් ගනිමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.