Update: ඉන්දීය ධීවරයන් 54 ක් මෙරටදී අත්අඩංගුවට

Sunday, 22 March 2015 - 9:19

Update%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+54+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවලදී මෙම ධීවරයන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ. මොවුන් සමඟ ධීවර බෝට්ටු 10 ක්ද අත්අඩංගුවට ගැනුනා.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවටය ආරම්භවීමට දින 2 කට පෙරයි ඉන්දීය ධීවරයින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝනය කරමින් මසුන් මැරීමේ කටයුතුවල නිරතව ඇත්තේ.

ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ දෙරටේ මීළඟ ධීවර සාකච්ඡා මේ මස 24 සහ 25 යන දෙදින තුළ ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්වෙන බවයි. අවසන් වරට දෙරටේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේ පසුගිය වසරේ මැයි මාසයේදියි. සාකච්ඡා සදහා සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිතයින් මේ මස 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇති. කළමනාකරන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ රැසක මීට පෙර සේවය කර තිබෙනවා.

Update : Sunday, 22 March 2015 - 12.20 PM
--------------------------------------------------

මෝදී  ආවත් නීතිය වැඩ

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවලදී  ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ. මෙහිදී ඉන්දීය ධීවර බෝට්ටු 10 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.