බටහිරත් එකතු වෙයි

Sunday, 22 March 2015 - 13:21

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉරානය සමග න්‍යෂ්ටික එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බටහිර බලවතුන් ඊයේ (21) ලන්ඩන් නුවරට රැස්වුණා. එහිදී බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු සහ ඇමරිකානු විදේශ අමාත්‍යවරුන් සඳහන් කළේ ඉරානය සමග පවත්වන සාකච්ඡාවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි. එහෙත් ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවමත් පූර්ණ එකඟත්වයක් නොමැති බව ඔවුන් එහිදී ප්‍රකාශ කළා. ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවලදී බටහිර රටවල් එක කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. දැන් අවස්ථාව පවතින්නේ ඉරානයටයි. එහිදී ඔවුන් දුෂ්කර තීරණවලට එළඹිය යුතු බව බටහිර බලවතුන් කියා සිටියා.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන තුළින් න්‍යෂ්ටික අවියක් අත්පත්කරගැනීම වැළැක්වීම බටහිර රටවල අරමුණයි. ඒ සඳහා න්‍යෂ්ටික ඉන්ධන සකස් කිරීමේ ක්‍රියාවලිය නතර කරන ලෙස ඔවුන් ඉරානයෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ඉරානය වෙත පැනවුණු සම්බාධක ලිහිල් කිරීමට බටහිර රටවල් සූදානම්.

ඉරාන ජනාධිපති හසාන් රවුහානි ප්‍රකාශ කළේ එකඟතාවට පැමිණීම අසීරු නොවන බවයි. විසඳාගත නොහැකි කරුණු කිසිවක් නොමැති බවත් ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළා. කෙසේ නමුත් න්‍යෂ්ටික එකඟතාව බටහිර රටවල් සමග පුළුල් සහයෝගීතාවක් සඳහා දොරටු විවෘත කිරීමක් නොවන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි, පර්සියානු නව වසර නිමිත්තෙන් මෂාඞ් නගරයේ පැවති උත්සවකදී ප්‍රකාශ කළා.