විපක්ෂ නායක ධුරයක් දැන් ඕනෙද?

Monday, 23 March 2015 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%3F
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 26 දෙනෙකු ඊයේ රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝදෙනෙකු අතර  ගැටළුවක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුළු නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන ඇති පසුබිමක හිරු ප්‍රවෘත්ති අංශය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයකින් මේ පිළිබදව විමසීමක් කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නව රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීම හෙළා දකිනු ලැබුවා.  

වර්තමාන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාට එම ධුරය දැරීමට දැන් සදාචාරාත්මක අයිතියක් නොමැති බව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්,  පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ මේ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතල බිද වැටීමක් සිදුවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අමාත්‍ය ධුර ලබා ගැනීම ජාතික ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Tuesday, 04 August 2020 - 9:36

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් පීලි පැනීම නිසා... Read More

ජීව අත් බෝම්බයක් සහ ⁣අජීවී මෝටාර් උණ්ඩය කොටසක් සොයාගනී
Tuesday, 04 August 2020 - 9:29

පුද්ගලික ඉඩමක තිබී දිරා යමින් තිබූ ජීව අත් බෝම්බයක් සොයාගත්... Read More

මාතර - අපරැක්ක ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට
Tuesday, 04 August 2020 - 8:47

මාතර - අපරැක්ක ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින්... Read More