භූමිතෙල් ලිපකින් ගෙවල් 4ක් ඉවරයි

Monday, 23 March 2015 - 8:53

%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වැල්ලවත්ත - පෙඞ්රිකා පාර ප්‍රදේශයේ පිහිටි නිවාස 4 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ භූමිතෙල් ලිපක් පෙරළීමෙන් මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති බවයි. පසුව ප්‍රදේශවාසීන් සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව ගින්න නිවා දමා තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.