තවත් මන්ත්‍රීවරයෙකුට මාංචු

Monday, 23 March 2015 - 13:08

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%82%E0%B6%A0%E0%B7%94
හලාවත - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන එම්. ප්‍රභාත් ප්‍රනාන්දු, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පොලීසියේ් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්. හලාවත පොලීසිය සඳහන් කළේ ඊයේ වැල්ල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ මන්ත්‍රීවරයා තමා පොලිස් නිලධාරියෙකු බවට ප්‍රකාශ කරමින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.  

මේ අතර පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් කඩුගන්නාව ප්‍රදේශයෙන් අද අලූයම වාර්තාවුණා. කඩුගන්නාව නගරයේදී රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද අලූයම කිසියම් පිරිසක් පහරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නගරයේ මාර්ග සංඥා කණුවක මෝටර් රථයක්  හැපී ඇති බවට ලද තොරතුරකට අනුව අදාළ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී එම මෝටර් රථයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පිරිස බීමතින් සිට ඇති බවයි.