නිදහස් පක්ෂයෙන් තවත් ඇමතිවරුන් පිරිසක් එනවලු

Monday, 23 March 2015 - 18:49

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%94
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ දූෂිතයින් සහ වංචනිකයින් ආරක්ෂා කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවයි.