Update : රත්ගම සභාපති ඝාතනය ගැන රොනීගෙන් ඉඟියක්

Tuesday, 24 March 2015 - 6:34

Update+%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රත්ගම සභාපති ඝාතනය ගැන රොනීගෙන් ඉඟියක්.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලීසිය පවසනවා. පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදුකිරීම සඳහා පත් කර ඇති බවයි හික්කඩුව පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම රොනී නැමති පොලිස් නිල සුනඛයා යොදවා අද (24) දහවල් වෙඩි තැබීම සිදුවූ සංචාරක හෝටලය පොලීසිය පරීක්ෂා කළා. එහිදී අසල තිබූ හිස්වැස්මක ඉව ඔස්සේ ගිය රොනී අසල තිබූ තවත් හෝටලයකට ගොස් ඇති අතර එහි තිබී ලේ පැල්ලමක් නිරීක්ෂණය කළ බවයි හික්කඩුව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඊයේ රාත්‍රියේ 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදීයි. වෙඩි තැබීමෙන් රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේයි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා. ප්‍රතිකාර ලබන එක් තුවාලකරුවෙකු වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙකුගේ නමක් පොලීසිය වෙත අනාවරණ කර ඇති අතර ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් එක් දරු පියෙක්. ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයකට හා තවත් සිද්ධීන් කිහිපයකට ගාල්ල සහ බලපිටිය යන අධිකරණ තුළ නඩු විභාග වන බව ගාල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළා.  

 මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මෙම සිද්ධිය පිළිබඳව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ අදහස් පළ කළා. ඔහු විමසා සිටියේ මෙවැනි සිද්ධීන් සිදුවීම යහපාලනයද යන්නයි.



Update : Tuesday, 24 March 2015 - 18:21
------------------------------------------------
රත්ගම සභාපතිට වෙඩි තැබූ අයෙකුගේ නමක් හෙළි වෙයි

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකුගේ නමක් දැනට ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු විසින් හෙළි කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදීයි. වෙඩි තැබීමෙන් සභාපතිවරයා ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ. කෙසේ වෙතත්, අද (24) පෙරවරුවේ එලෙස ප්‍රතිකාර ලබන එක් තුවාලකරුවෙකු වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙකුගේ නමක් පොලීසිය වෙත අනාවරණ කළ අතර ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මිය ගිය සභාපතිවරයා එක් දරු පියෙකු වන අතර, ඔහුට එරෙහිව ද මනුෂ්‍ය ඝාතනයකට හා තවත් සිද්ධීන් කිහිපයකට ගාල්ල සහ බලපිටිය යන අධිකරණ තුළ නඩු විභාග වන බව ගාල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළා. වෙඩි තැබීම සිදුවූ සංචාරක හෝටලය මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටා තිබෙන අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් එහි රැදී සිට ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. වෙඩි තැබීමත් සමඟ ඔවුන් හිස් ලූ ලූ අත දිව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුකිරීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

Update : Tuesday, 24 March 2015 - 13:21
--------------------------------------
රත්ගම සභාපතිට වෙඩි තබා ඝාතනය කරයි


රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඇතුළු තිදෙනෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඇත.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ හික්කඩුව හෝටලයේ ඔහුන් සිටින අවස්ථාවක වන අතර වෙඩි වැදීමෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මියගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.



































ඡායාරූප - රත්ගම රොෂාන්