Update: 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Tuesday, 24 March 2015 - 7:35

Update%3A+19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්. අනතුරුව අදහස් දක්වමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය ලබාදීමට නම් මැතිවරණ ක්‍රම සංශෝධනයද කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. මෙම සංශෝධන දෙකම එකවර සම්මත කරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටළු නිසා ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බවයි.

Update: Tuesday, 24 March 2015 - 2:49 PM
....................................................
19 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 26 දෙනෙකු ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද (24) පස්වරු 1ට පැවැත්වෙනවා.   

මේ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බවයි. විධායක ජනාධිපති ධුරයේ ඇතැම් බලතල ඉවත් කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 16 වන දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඊයේ පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරුණු අතර, ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට සංශෝධන ගෙන ඒමට එකඟතාවයකට පැමිණි බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණුවලට ජාතික හෙළ උරුමය විරෝධය පළ කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද ඊට සංශෝධන එක් කළ යුතු බව ප්‍රකාශ කළා.