Update : කටාර් රාජ්‍යයේ නායකයා දිවයිනට

Tuesday, 24 March 2015 - 13:29

Update+%3A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෆෙයික් තමීන් බින් හමීන් අල් තානි විශේෂ සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ගුවන් තොටුපලේදී ඔහු ඇතුලූ 50 දෙනෙකුගෙන් යුත් දූත පිරිස පිළිගනු ලැබුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින්. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වන කටාර් එමීර්වරයා අද පස්වරුවේම දිවයිනෙන් පිටත්ව යනු ඇති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් අද පස්වරුවේ ක්‍රියාත්මක කෙරෙන බවයි.  ඔහුගේ සංචාරය හේතුවෙන් අද පස්වරු 3.45 සිට 4.45 දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට ගාලූමුවදොර වටරවුම ඔස්සේ, කොල්ලූපිටිය, ලිබර්ටි වටරවුම, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, හෝර්ටන් පෙදෙස, බොරැල්ල හරහා ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගය සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.



Update : Tuesday, 24 March 2015 - 02:51 PM
-----------------------------------------
කටාර් එමීර්වරයා අද දිවයිනට

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෆෙයික් තමීන් බින් හමීන් අල් තානි මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න....

Update : Tuesday, 24 March 2015 - 13:19
-----------------------------------------

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෆෙයික් තමීන් බින් හමීන් අල් තානි සංචාරයක් සඳහා අද (24) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් අද පස්වරුවේ ක්‍රියාත්මක කෙරෙන බවයි.  

ඒ අනුව පස්වරු 1.30 සිට 2.30 දක්වා කටුනායක ගුවන් තොටුපළේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත, බොරැල්ල, ඞී.එස්. විදුලි සංඥා, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, ලිබර්ටි වටරවුම, කොල්ලූපිටිය, ගාලූ පාර, ගාලූමුවදොර වටරවුම ඔස්සේ එන්.එස්.ඒ. වටරවුම දක්වා මාර්ගවල ධාවන කටයුතු සීමා කෙරෙනු ඇති. ඊට අමතරව පස්වරු 3.45 සිට 4.45 දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට ගාලූමුවදොර වටරවුම ඔස්සේ, කොල්ලූපිටිය, ලිබර්ටි වටරවුම, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, හෝර්ටන් පෙදෙස, බොරැල්ල හරහා ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගය සහ අධිවේගී මාර්ගයේ කොළඹින් පිටවන කොටසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.