ගෝඨාභයට මිලියන දෙදහසක එන්තරවාසියක්

Tuesday, 24 March 2015 - 18:43

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා මුදල් අමාත්‍ය රවී කරුණානායක එන්තරවාසියක් යවා තිබෙනවා. ඒ, අමාත්‍යවරයාගේ නිවස ඉදිකිරීම සහ වත්කම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉංග්‍රීසි පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරගෙනයි. එම ප්‍රකාශය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තහවුරු නොකළ අතර, තම ඉල්ලීම පරිදි ඔහුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ නොකිරීම මෙවැනි තීරණයක් ගැනීමට හේතුවූ බවද අද පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළා.