හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගින්නක්

Wednesday, 25 March 2015 - 7:22

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
හෝමාගම ප්‍රාදේශීය සභාව තුළ පිහිටි ලේඛනාගාරයේ අද (25) අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට එම ගින්න මැඬ පවත්වා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. ගින්නෙන් එහි පැරණි ලියකියවිලිවලින් කොටසක් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.