සාධාරණය ඉටු කරන්නත් කමිටුවක් එන ලකුණු

Wednesday, 25 March 2015 - 7:50

%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණ ඉටුකිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලෙස ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ බොහෝ සංස්ථාවල ආයතනවල දේශපාලන පලි ගැනීම් සිදුවන බවට වාර්තා වී ඇති බවයි. මේ නිසා මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද විපක්ෂ නායකවරයා සදහන් කළා. 19 වන සංශෝධනය මෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ආ යුතු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙය සම්මත කරන්නේ පනත් දෙකම එකට ඉදිරිපත් වුවහොත් පමණක් බවත් ඔහු මෙහිදී තවදුරටත් කියා සිටියා.  

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ විපක්ෂ නායකවරයා 19 වන සංශෝධනයට මෙවැනි කොන්දේසි ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවයි.