පාර්ලිමේන්තුවේ පුටු වැඩි කරන්න නිදහස් පක්ෂයේ කැමැත්ත

Wednesday, 25 March 2015 - 13:02

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 සිට 250 ක් දක්වා වැඩි කිරීමට ඉදිරිපත් වී යෝජනාවට එකඟතාවය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් මෙලෙස එකඟතාවය පළ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

මේ අතර, දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ගැනීමට නොහැකිව තිබූ දේශපාලන වෙනස්කම් සිදුකර ගැනීමේ ජනතා අපේක්ෂාවෙන් වෙනුවෙන් ජාතික ආණ්ඩු සංකල්පයට යොමුවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මෙහිදී සඳහන් කළා.