ප්‍රසන්න ලක්ෂ 58 රැළියට 190ක් ගෙන බව ෆේස් බුකියෙන් කියයි

Wednesday, 25 March 2015 - 13:08

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+58+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+190%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 190 කට වැඩි පිරිසක් සමග රත්නපුරයේ හෙට (26) පැවැත්වෙන ජන රැලියට සහභාගි වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සන්ධාන අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස බලකරමින් පැවැත්වෙන තුන්වන ප්‍රධාන ජනරැළියයි හෙට රත්නපුරයේ පැවැත්වෙන්නේ.

දැනට විදේශගතව සිටින බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සිය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි පිටුවේ සටහනක් තබමින්. තමන් අද රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව ද ඔහු එහි දක්වා තිබෙනවා. මේ පිළිබඳව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් 40 ක් සහ ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභා නියෝජිතයන් 150 කට අධික පිරිසක් සමග රත්නපුරයේ පැවැත්වෙන රැළියට තමන් සහභාගි වන බව මහඇමති ප්‍රසන්න රණතුංග එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ‘‘ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අපේක්ෂාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂයි. හිටපු ජනාධිපතිවරයා ඊට කැමති නම් අපේ අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකතුමන් ප්‍රකාශ කර තිබේ. එය මෙම අරගලයේ පළමු ජයග්‍රහණයයි. ඇතමුන් මා බොළඳ සටහනක් මුහුණුපොතේ සටහන් කර ඇති බවට පරල විය හැක. ඇතමුන් නව ප්‍රකාශක සහ රාජ්‍ය ඇමති තනතුරු රැක ගැනීම සඳහා මා කාඞ්බෝඞ් වීරයෙකු යැයි කියනු ඇත. ඒ සියල්ලටම මම කෙටි පිළිතුරක් දෙමි. ඊළග මැතිවරණයේදී මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වීරයන් සහ ද්‍රෝහියන් කවුදැයි ලෝකයටම පෙන්වනු ඇත.’’

මෙලෙසින් සඳහන් කරමින් බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය ෆේස්බුක් සටහන අවසන් කර තිබෙනවා.






පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More