ජවිපෙ, 19 දිනවීමේ පැත්තට

Wednesday, 25 March 2015 - 13:10

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%2C+19+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7
තමන් නියෝජනය කරන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමේ පාර්ශවය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක 19 වැනි සංශෝධනය පරාජය කරන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී අදහස් පළ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හෙළ උරුමයේ පිරිස 18 වන ව්‍යවස්ථා සංශෝධනයට කිසිදු කතාවකින් තොරව අත එසවූ බවටයි ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා චෝදනා කළේ.

මේ අතර, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුළුල් සංවාදයකින් පසු සම්මත කර ගැනීමට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.