අඟුලාන ඝාතන නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Wednesday, 25 March 2015 - 17:18

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2009 වර්ෂයේ අගෝස්තු මාසයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුලාන පොලිසීයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු හතර දෙනාට කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබෙනවා. මහාධිකරණයේ තීන්දුවට එරෙහිව සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් අද (25) විත්තිකරුවන් ඉදිරිපිට ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. මරණ දඬුවම නියම වූයේ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පී.ඞී.නිව්ටන්, කොස්තාපල්වරුන් වන ඉන්ද්‍රවංශ කුමාරසිරි, ධම්මික නිහාල් ජයරත්න සහ ග්‍රාමාරක්ෂක ජනප්‍රිය සේනාරත්නටයි.