update: ත්‍රස්තවාදයට යළි කිසිදු ඉඩක් නැහැ - අගමැති

Thursday, 26 March 2015 - 10:26

update%3A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
රටේ කොතැනක හෝ ත්‍රස්තවාදය යළි ඇතිවීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාති, ආගම් භේදයකින් තොරව සියලූම ජාතීන්ට වාසය කිරීමට හැකි රටක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී ඇති බවයි. ඒ සඳහා සියලූදෙනා කැපවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින්.  විශේෂයෙන් ජාතික සමඟිය ස්ථාපිත කිරීම සඳහා දැනටමත් හිටපු ජනාධිපතිනිි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයක්ද  විවෘත කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ජාතීන් අතර සුහදතාවය වර්ධනය වන අයුරින් මාධ්‍ය හසුරුවන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා.

රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම රජයේ මීළඟ අරමුණයි. ඒ සඳහා නව ආයතන බිහිකර ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයද මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඊට එරෙහිව විවිධ පාර්ශව  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  පෙත්සම් කිහිපයක්ද ගොනු කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුවෙන් පසු එය සම්මත කරගැනීමට කටයුතු කරන බවයි කියා සිටියේ.

තවද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳවද පක්ෂ සමග සාකච්ඡා  ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡාවලින් පසු මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

Update : Thursday, 26 March 2015 - 12:21
------------------------------------------------
ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ- අගමැති

රටේ කොතැනක හෝ ත්‍රස්තවාදය යළි ඇතිවීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (26) පෙරවරුවේ  අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින්.