Update: දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක කරන්න 50ක් අත්සන් කරලා

Thursday, 26 March 2015 - 10:38

Update%3A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සමඟ නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු කියා සිටියේ මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු පමණ මෙම ලිපියට අත්සන් කර ඇති බවයි. ලබන සතියේදී මෙම ලිපිය කථානායකවරයාට භාරදීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්ද මෙම කරුණ සනාථ කළා. ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්ෂයක් නොමැතිවීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස අත්සන් එකතු කිරීමට හැකියාවක් නොමැති බවයි.



Update : Thursday, 26 March 2015 - 10:41
------------------------------------------------
දිනේෂ් විපක්ෂනායක කිරීමේ උත්සාහයක් 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සමඟ නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.  ඔහු කියා සිටියේ මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50 දෙනෙකු පමණ මෙම ලිපියට අත්සන් කර ඇති බවයි. ලබන සතියේදී මෙම ලිපිය කථානායකවරයාට භාරදීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළා.


මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Wednesday, 08 July 2020 - 12:52

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි... Read More

සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්
Wednesday, 08 July 2020 - 12:25

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව... Read More