නීලගිරි සෑයෙන් සොයාගත්තේ මිහිඳු හිමියන්ගේ ධාතූන් බවට අනුමානයක්

Thursday, 26 March 2015 - 12:33

%E0%B6%B1%E0%B7%93%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%91%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අම්පාර - ලාහුගල - නීලගිරි සෑයේ කැණීම්වලදී හමුවූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් යැයි අනුමාන කරන බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ප්‍රකාශ කරනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම ධාතූන් වහන්සේ ඉදිරියේදී මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට කටයුතු කරන බවයි.

2011 වසරේ සැප්තැම්බර් මාසයේ දී ලාහුගල - නීලගිරි සෑයේ සිදුකළ කැණීම්වලදී කුඩා මැටි පාත්‍රයක් තුළ රන් මංජුසාවක තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ දෙනමක් සොයා ගැනුණා. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ දී භාතිකාභය රජුගේ බිසවක් වන චූලසිව රැජිණ විහාරයට කළ පරිත්‍යාගයක් ගැන කියවෙන සෙල්ලිපියක් ද මෙම කැණීම්වලදී සොයාගෙන තිබුණා. ඒ අතර මැටි පබළු, කාසි, පළිඟු පබළු, පළිඟු වලින් කරන ලද කුඩා කරඬු 8ක් සහ ගලින් කරන ලද ස්ථූප ආකෘතියක් ද කැණීම්වලදී හමුවූ තවත් භාණ්ඩ කිහිපයක්. නීලගිරි සෑයේ උස අඩි 72ක් වන අතර එහි වට ප්‍රමාණය අඩි 629ක්. මෙම ස්ථූපය ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ දී ප්‍රතිසංස්කරණය කළ බවට ද සාධක ලැබී තිබෙනවා.