රත්ගම සභාපති ඝාතනයේ 4 දෙනෙක් හඳුනා ගැනේ

Thursday, 26 March 2015 - 12:39

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය 23 වැනිදා රාත්‍රියේ හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයට ලක්වුණා. මෙහිදී සභාපතිවරයාගේ මිතුරන් දෙදෙනෙකුද බරපතල තුවාල ලැබුවා.

ඝාතනයට ලක්වූ රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදුකෙරුණු අතර එහිදී අනාවරණ වුණේ ඔහුගේ පපුව, උරහිස සහ මුහුණට වෙඩි උණ්ඩ 4 ක් වැදී ඇති බවයි. පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී කාලයක් තිස්සේ රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මිතුරෙකුව සිටි පොඩි ලැසී නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන රත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය සිදුකළ බවට අනාවරණය වුණා. එමෙන්ම පොඩි ලැසීගේ සමීපතමයන් තිදෙනෙකු ඝාතනයට හවුල් වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට ලක්වන අවස්ථාවේ රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිටි හෝටලය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ පවතින ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බවද මේ දක්වා සිදුකළ පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.  

මේ අතර ගාල්ල - හබරාදූව මොරගලවත්ත ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පුද්ගලික ආරවුලක් වෙඩි තැබීම සිදු කිරීමට හේතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More