චම්පික ප්‍රෝඩාකාරී දේශපාලකයෙක්

Thursday, 26 March 2015 - 13:41

%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේදී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ භූමිකාව පිළිබඳව අද (26) පැවති මාධ්‍ය හමු දෙකකදී සහ සමුළුවකදී අදහස් පළ වුණා.

ජාතික සංවිධාන එකමුතුව කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රෝඩාකාරි දේශපාලනයක නිරත වන බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ හැසිරීම පිළිබඳව නව සමසමාජ පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ දීර්ඝ කාලීන දේශපාලන ව්‍යාපෘති සඳහා පාඨලී චම්පික රණවක හැසිරෙමින් සිටින බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සම්මේලනයට කොළඹදී අද එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මන්ඩල සභික පළාත් සභා මන්ත්‍රී කේ. ඞී. ලාල්කාන්ත, පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් වූ ස්ථාවරය විවේචනය කළා. ඔහු කියා සිටියේ චම්පික රණවක අමාත්‍යවරයා 19 වැනි සංශෝධනය විවේචනය කරමින් එය ජනාධිපති ධුරය පඹයෙකු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස හඳුන්වා දී ඇති බවයි. සැබැවින්ම තමන්ටද අවශ්‍ය ජනපති ධුරය පඹයෙකු කර දැමීම බවයි කේ.ඞී.ලාල්කාන්ත මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ.