විවෘත සරසවි සිසුන්ගේ සත්‍යග්‍රහයට දින 100 යි

Thursday, 26 March 2015 - 18:46

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+100+%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව නාවල - විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට (26) දින 100ක් සපිරෙනවා. ඊට සමගාමීව එම ශිෂ්‍ය එකමුතුව අද (26) කොළඹ - වෝඩ් පෙදෙසේ පිහිටි - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඉන් අනතුරුව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලධාරින් සමඟ ශිෂ්‍ය නියෝජිතයින්ට සාකච්ඡාවක් ලබාදුන්නා. කෙසේ වෙතත්, එම සාකච්ඡාවේදී තම ගැටලූවලට නිසි විසඳුමක් ලබාදීමට බලධාරින් අපොහොසත් වූ බවයි විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු අමිල සඳරුවන් කියා සිටියේ. එබැවින් දියත් කරන සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද මිහින්තලය නගරයේදී අද උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවේ විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ මෙම අරගලයට සහය දැක්වීම සඳහායි.


ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More

ඡන්දපොළ සුරක්ෂිතයි - මැතිවරණ කොමිසමේ සභාපති
Wednesday, 05 August 2020 - 8:53

ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිදු සැකයකින් තොරව මහ මැතිවරණයේ... Read More

ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More