Update: ප්‍රියන්ත සිරිසේනට පහරදුන් ඔහුගේම මිතුරා මාට්ටු

Thursday, 26 March 2015 - 20:24

Update%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
වැලි රාජු නමින් ප්‍රකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේනට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් සිදුකළ පුද්ගලයා මීට සුළු මොහොතකට පෙර බකමූණ පොළීසියට බාරවී තිබෙනවා

වැඩි විස්තර බලාපොරොත්තුවන්න...

Update: Thursday, 26 March 2015 - 09:40 PM
...................................................

වැලි රාජු නමින් ප්‍රකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේනට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබාදුන් බවයි. පොළොන්නරුව - හතර ඇල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලි රාජු හෙවත් ප්‍රියන්ත සිරිසේන ගුවන් මගින් කොළඹට ගෙනවිත් තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදුන් ඔහුගේ මිතුරෙකුවන ලක්මාල් නැමති සැකකරු සොයා පොළිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.


Update: Thursday, 26 March 2015 - 09:30 PM
...................................................

ජනපති මෛත්‍රිගේ සොහොයුරුට තියුණු ආයුධයකින් පහර දීලා


වැලි රාජු නමින් ප්‍රකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේනට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබාදුන් බවයි. පොළොන්නරුව - හතර ඇල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලි රාජු හෙවත් ප්‍රියන්ත සිරිසේන ගුවන් මගින් කොළඹට ගෙන ඒමට නියමිතව තිබේ.