කොළඹ වරාය නගරය ගැන රජය ස්ථාවරය පහදයි

Friday, 27 March 2015 - 18:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ධීවරයින්ට වසරකට දින 83ක් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා අවසර ලබා දී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පසුගිය දා පැවැති ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවලදී ඊට අදාළ එකඟත්වයන් ඇති වූ බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කළා.

මේ අතර, එම මාධ්‍ය හමුවේදී ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා සිටියා. ඒ, ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී එය අඛණ්ඩව කරගෙන යාමට තීරණය කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන්ද පැහැදිලි කරමින්.  ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුනොකෙරුණු බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම කිරීමට හෝ අනිවාර්යෙන් නොකිරීමට තීරණයක් ගෙන නොමැති බවයි වැඩබලන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

යුක්රේන කැරළිකරුවන්ට අවි සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එහිදී වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා සදහන් කළේ ඔහු අතුරුදන්ව සිටින නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More