රට තුළ රහසිගත කඳවුරු නැහැ. - අගමැති රනිල් යාපනයේදී කියයි

Friday, 27 March 2015 - 18:58

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රට තුළ කිසිදු රහසිගත කදවුරක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු කියා සිටියේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ මාස 06ක් ඇතුළත අවසන් කරන බවයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ හමුවෙමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ සිය තුන් දින උතුරු පළාත් සංචාරය අරඹමින් යාපනය නාග විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව අගමැතිවරයා එක් වූයේ ගැබිණි මව්වරුන් සදහා සංවිධාන කර තිබූ පෝෂණ වැඩසටහනකටයි. පසුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සමග ඔහු සාකච්ජා ආරම්භ කළා.  

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර යුද අධිකරණයට මෙරට තුළ සිදුවූ ඇතැම් සිද්ධීන්  ගෙන යා නොහැකි බවයි.

මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව ද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම තරුණ සේවා සභාවට අනුබද්ධ කලාපීය මධ්‍යස්ථන 09ක් පළාත් 09 තුල පිහිටුවන බවත් එහි පළමුවැන්න උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඇති කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

ඊට අමතරව යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තවත් සාකච්ජා කිහිපයක් පැවති අතර එහිදී පුනරුත්ථාපනය වූ තරුණයන්ගේ සුබ සාධක කටයුතු සම්බන්ධයෙන් මෙන්ම නැවත පදිංචි කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් ද සාකච්ජා කළා. එමෙන්ම කාන්තා ගෘහ මූලික සාමාජිකාවන්ගේ සහ ධීවර නියෝජිත හමුවකට ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්වූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

ඉන් අනතුරුව අගමැතිවරයා පේදුරුතුඩුව හාඩ්ලි විද්‍යාලයේ සංචාරයක නිරත වුණා. පසුව ඔහු සෝමසුන්දරම් බ්‍රහ්මචාර්ය ආදිනම් ප්‍රධාන පූජකවරයා හමු වූ අතර නල්ලූර් කෝවිලට පැමිණ ආගමික වතාවත්වල නිරත වූයේ ඉන් අනතුරුවයි. අගමැතිවරයා අද පස්වරුවේ යාපනය රදගුරු තෝමස් සෞන්දරනායගම් පියතුමා මෙන්ම දකුණු ඉන්දියානු රදගුරු ඩැනියෙල් ත්‍යාගරාජා පියතුමන් හමුවීමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු යාපනය ජුම්මා මස්ජිද් දේවස්ථානයේ ආගමික වතාවත්වලටද එක්වනු ඇති.