Slim Nielsen People's Awards 2015 - සියලු මාධ්‍ය සම්මාන හිරුටයි

Saturday, 28 March 2015 - 7:46

Slim+Nielsen+People%27s+Awards+2015+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ සියලූ මාධ්‍ය සම්මාන දිනා ගනිමින් යළි ජනතාවගේ නාලිකා බවට පත්වීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උළෙල කොළඹ දී ඊයේ (27) පැවැත්වුණේ හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. යළිත් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය නාලිකා බවට තහවුරු කරමින්.

හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ දිනාගත් සම්මාන...

වසරේ විශිෂ්ඨතම රුපවාහිනි නාලිකාව - හිරු TV

වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව - හිරු  FM

වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නලිකාව - හිරු  TV

තාරුණ්‍යයේ හොඳම රුපවාහිනි නාලිකාව- හිරු TV

තාරුණ්‍යයේ හොඳම ගුවන් විදුලි නාලිකාව- හිරු FM

හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබාගත් මෙම ජනතා සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.



ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ටී වී සහ හිරු එෆ්.එම්. නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට  ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී හිරු ටී වී සහ හිරු එෆ්.එම්. ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිරු ටී වී හිරු එෆ්.එම්.  වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු සදහන් කළා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ හිරු ටී වී, හිරු එෆ්.එම්. ලබන මෙම සියලූ ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි. 

වීඩියෝව පහතින් නරඹන්න



















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories